2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

මන්ත්‍රීන්ට නුරුස්සන ආණ්ඩුකාරයෝ 3ක්

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 596

I දේශපාලන වාර්තාකරු

නව රජය යටතේ පත්වීම් ලද ආණ්ඩුකාරවරුන් තිදෙනකු ගැන පළාත් සභාවල හිටපු මන්ත්‍රීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ.

මන්ත්‍රීන්ට හමුවීමට අවස්ථාවක් ලබා නොදීම, රාජකාරිමය වශයෙන් තීරණ ගැනීමේදී පළාත් සභාවල සාමාජිකයන්ගේ අදහස්වලට කන් නොදීම ආදී කාරණා ගණනාවක් මෙම පැමිණිලිවල සඳහන්ය. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනමින් පළාත් සභා පිහිටුවා පළාත් ආණ්ඩු සක්‍රීය කරන මෙන්ද ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු පළාත් සභා මන්ත්‍රීන් මෙම දුක්ගැනවිල්ල අගමැතිවරයාට ඉදිරිපත් කළේ පසුගිය බදාදා ඔවුන් හා අගමැතිවරයා අතර පැවති සුහද හමුවකදීය.

ඒ අවස්ථාවේම අදාළ ආණ්ඩුකාරවරුන් ඇමතූ අග්‍රාමාත්‍යවරයා පළාත් සභා නියෝජිතයන් සමඟ සුහද සබඳතා පවත්වාගෙන යමින් අවශ්‍ය සහය ලබා දෙන්නැයි දැනුම් දුන්නේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01