2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

රනිල් විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 496

I දේශපාලන වාර්තාකරු

කතානායකවරයා විසින් විපක්ෂනායක ධූරයට නම්කොට ඇති එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙඩි නොවදින නිල රථයක් සමඟ විශේෂ පොලිස් ආරක්ෂකයන් පිරිසක් සපයන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර ඇති හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා අවශ්‍ය ආරක්ෂක භටයන් හා වාහන පිළිබඳ කරැණු දක්වා තිබේ. හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව ගැන කෙරෙන විශේෂ ආරක්ෂක ඇස්තමේන්තුවකින් පසුව ඔහුට අවශ්‍ය ආරක්ෂක පහසුකම් සැපයෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.