2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ආරක්ෂාවට පොලීසියේ හැටදාහක්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

I හසිත් අංජන

ලබන සෙනසුරාදා (16 වැනිදා) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් පමණ යොදාගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඡන්ද පොළ රාජකාරි කටයුතු සඳහාද රාජ්‍ය නිලධාරීන් දෙලක්ෂ විසිපන්දහසක පමණ පිරිසක් යොදවා ගැනෙන බවද හෙතෙම පැවසීය.

මේ වනවිට ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය අවසන් වී ඇති අතර 85% පමණ පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.