I දේශපාලන වාර්තාකරු
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුදීමටත්, අභිනව ජනාධිපතිවරයා පිළිගැනීමටත් ජනාධිපති කාර්යාලයේ විශේෂ රාජ්‍ය උත්සව දෙකක් සංවිධානය කෙරෙමින් පවතී.
ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සව සංවිධානය කෙරේ. ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුදීමේ උත්සවය නොවැම්බර් මස 14 දින ද අභිනව ජනාධිපතිවරයා පිළිගැනීමේ උළෙල නොවැම්බර් 19 දින ද පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. ඒ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලය සහ තවත් ප්‍රභූන් රැසකට ආරාධනා කිරීමට දැනටමත් කටයුතු සැලසුම් කර ඇත.