2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකයන්ට කතානායකගෙන් පැසසුම්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 08:01 184

I දේශපාලන වාර්තාකරු

පෝස්ටර්, බැනර්, කටවුට් නැති මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් වෙනුවෙන් 1997 වසරේ තමන් දියත් කළ පුරෝගාමී මෙහෙවර වසර 22කට පසු මෙවර ජනාධිපතිවරණයේදී පලදරා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා දේශයට කීය.
පෝස්ටර් බැනර් කටවුට් නැති ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට දායක වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු අපේක්ෂකයන්ට තමන් ඒ ගැන ස්තූතිය පළකරන බවද කතානායකවරයා කීය.

1997 වසරේ කොළඹ මහ නගර සභා ඡන්දයට ඉදිරිපත් වූ තමා පෝස්ටර් බැනර් කටවුට් නැති ඡන්ද ව්‍යාපාරයට පුරෝගාමී වීම සතුටට කරුණක් යැයි කීය. ඉන්පසුව වරින්වර මිලින්ද මොරගොඩ මහතා සහ තවත් අපේක්ෂකයන් ගණනාවක් මෙම ක්‍රමය අනුගමනය කළ බවද කීය. පරිසරයට හානිකර පෝස්ටර්, බැනර්, කටවුට් දේශපාලනය ප්‍රධාන පක්ෂ විසින් අනුගමනය කරනු දැක්ම ගැන වැඩියෙන්ම සතුටුවන පුද්ගලයා තමන් යැයි කතානායකවරයා සඳහන් කළේය.