I දේශපාලන වාර්තාකරු
ලබන මස මුල් සතිය වන විට දැනට පොහොට්ටුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සහාය දීමට ඉදිරිපත් වන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
දැනටමත් මෙලෙස එක්වන පිරිස් සමඟ මූලික එකඟතා ඇතිකරගෙන ඇතැයි ද ඔහු පැවසීය.
මේ අයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීන් හා දැනට සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 150කට වැඩි පිරිසක් ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්ව ඇතැයි මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පොහොට්ටුවට එක්වූ ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන්ට දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසා ඔවුන් මෙම තීන්දුව ගෙන ඇතිබව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.