2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

සජිත් ඉල්ලා රටපුරා ජන රැලි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 255

I දේශපාලන වාර්තාකරු

එ.ජා.පයෙන් ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව රනිල් - සජිත් සාකච්ඡාවේදී අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබේ.

ඉන් අනතුරුව රැස්වූ සජිත් හිතවාදී මැති ඇමැතින් සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා ජනරුලි මාලාවක් පැවැත්වීමට තීන්දු කර ඇත. එහි මුල්ම රැලිය හෙට 12දා බදුල්ලේදී පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා තිබිණි.

ඒ අතර පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් නැවත වරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසී මේ ගැන සාකච්ඡාමය එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බව කියැවේ.

කෙසේ වෙතත් මෙම මාසය අවසන් වන විට එ.ජ.පය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානය ආරම්භ කෙරෙනු ඇතැයි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.