2019 ජුලි 27 වන සෙනසුරාදා

කොළොන්නාවේ සිරි සුමංගල හිමි අත්අඩංගුවට!

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1352

I ආරක්ෂක වාර්තාකරු

අමරපුර නිකායේ දඩලු පාර්ශ්වයේ මහානායක පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා සී.අයි.ඩි.යට නියම කර තිබේ.

සුමංගල හිමියන්ගේ විහාරස්ථානයේ සාපරාධී ලෙස අලියකු රඳවාගැනීම හේතුවෙන් නීතිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

ඊට අදාළ නීතිපතිවරයාගේ ලිඛිත නියෝගය දැනටමත් සී.අයි.ඩී.යේ අධ්‍යක්ෂවරයාට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් රහස් පොලීසිය නැවතත් නීතිපතිවරයාට කරුණු දැක්වීමක් කර ඇත. එහෙත් නීතිපතිවරයා ස්වකීය තීරණය වෙනස් කර නොමැති නිසා ඉදිරියේදී මෙම තීන්දුව ක්‍රියාත්මක වීමට ඉඩ ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.