2019 මැයි 11 වන සෙනසුරාදා

ඇමැති රිෂාඩ්ට විශ්වාසභංගයක්

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

I දේශපාලන වාර්තාකරු

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මෙයට අදාළ මූලික සාකච්ඡා දැනටමත් පවත්වා අවසන් බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් (දේශය)ට කීය.
මෙරට ඉස්ලාම් අන්තවාදීන්ට සහාය දැක්වීම ඇතුළු චෝදනා 11ක් පදනම් කරගෙන මෙම යෝජනාව ගෙන එයි. 

යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් එකඟත්වයකට පත්ව ඇති අතර දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එ.ජා.පයේ මන්ත්‍රී පිරිසක් සමඟ ද ඉදිරි දිනවල මෙයට සහාය ලබාගැනීම පිණිස සාකච්ඡා කරන බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් (දේශය)ට කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01