2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ගෝඨාභයට මොන බාධාවක්වත් නෑ - මහින්ද රාජපක්ෂ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 358

දේශපාලන වාර්තාකරු l

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ කාරණාවට කිසියම් නීතිමය හේතුවක් නිසා බාධාවක් එල්ලවී ඇතැයි යන කරුණ සහමුලින්ම අසතයක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවිට ඔහු ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් නඩු පැවරුවාය කියන කතාවත් පුරවැසි භාවය පිළිබඳවත් ලංකාවේ තිබෙන ආන්දෝලනය ඇමෙරිකාවේ නැති බව යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය. කිසියම් තැනැත්තකු ඇමෙරිකාවේ පුරවැසි භාවය එපා කියන්නේ නම් ඔහු බලෙන් පුරවැසිකමෙහි තබාගන්න නීතිමය සම්ප්‍රදායක් එරට නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.