2019 මාර්තු 09 වන සෙනසුරාදා

අයවැයට සැමගේ සහාය ගන්න ආණ්ඩුව මෙහෙයුමක - චම්පික රණවක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

ගයාන් ගාල්ලගේ l

මෙවර අය-වැය ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ සෘජුව සහ වක්‍රව සහයෝය ලබාගැනීමේ මෙහෙයුමක් දැනටම ක්‍රියාත්මක වෙමින් පවතින බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා දේශයට පැවසීය.

දෙමළ සහ මුස්ලිම් ජන කොට්ඨාස දෙකම සම සමව ජීවත්වන කල්මුණේ දැනට ක්‍රියාත්මක වන්නේ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් ලෙසයි. එය අයවැය ඡන්දයට පෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් බවට පත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. එහෙත් මුස්ලිම් කොංග්‍රස් පක්ෂය මෙයට තදින්ම විරෝධය පළකර තිබේ. ඔවුනට ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාද සහය පළකර තිබේ.

අයවැය ලේඛනය සම්මත කර ගැනීමට තම ඡන්ද අවශ්‍ය නම් මෙම ඉල්ලීම ඉටුකරන ලෙස දෙමළ සන්ධානය තරයේම රජයෙන් ඉල්ලා ඇත. එහෙත් තමන්ගේ විරෝධය නොතකා කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ප්‍රා.ලේ. බල ප්‍රදේශයක් බවට පත්කළහොත් තම පක්ෂය අයවැයට තරයේම විරුද්ධ වන බවත් ඊට රිෂාඩ්ලාගේ සහාය ලැබෙන බවත් මුස්ලිම් කොංග්‍රසයට රජයට දැන්වීය. මුලින් සුළු ප්‍රශ්නයක් ලෙස නොසලකා හැර තිබූ මෙම ගැටලුව පසුගිය සිකුරාදා වන විට අර්බුදයක් වී තිබිණි. ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් සමඟ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වුවද සිකුරාදා සවස් වනතෙක් ප්‍රශ්නය විසඳී තිබුණේ නැත.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01