2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ආණ්ඩුකාරවරු 5ක් : නව ලේකම්වරයෙක් : ශාන්ත බණ්ඩාර මැතිසබේට

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

දේශපාලන වාර්තාකරුI

අභිනව පළාත් ආණ්ඩුකාරවරුන් 05 දෙනෙක් පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතාද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතාද උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතාද වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න මහතාද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාද පත්කරනු ලැබූහ.

මෙම තනතුරැ 05ට අමතරව තවත් ආණ්ඩුකාරධුර 04ක් පුරප්පාඩු වී තිබේ. එම පුරප්පාඩු ලබන සතියේ පුරවනු ඇතැයි සඳහන් වේ. ඒ අතර ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ධුරය දැරූ එරික් වීරවර්ධන මහතාද ඉල්ලා අස්විය. වීරවර්ධන මහතා ඉවත් වීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පත්වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

හිස්බුල්ලා මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වන එජනිස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත බණ්ඩාර මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.