2017 ජනවාරි 07 වන සෙනසුරාදා

මැතිසබේට නොඑන ගිවිසුම් හබක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 172


 

ආණ්ඩුව විසින් අත්සන් කරන ජාතික වැදගත්කමක් ඇති සියලු ගිවිසුම්වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මැති සබයේ අනුමැතියකින් තොරව එබඳු ගිවිසුම් අත්සන් කිරීම යහපාලන සම්ප්‍රදායට නොගැළපෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා එ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ හමුවකදීය.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සහ එහි ඉඩම් අක්කර 15,000ක් කර්මාන්ත ආයෝජන කලාපයක් සඳහා පැවරීම ගැන මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. තමන් හම්බන්තොට ප්‍රශ්නයට අදාළ කිසිදු ගිවිසුමක් නුදුටුවේ යැයිද එබඳු ගිවිසුමක් සකස් කරන විට ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු යැයිද කී ජනපතිවරයා එවැන්නකට නීතිපතිවරයාගේ නිර්දේශය අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය. 

එම සම්ප්‍රදායෙන් බැහැරව ක්‍රියාකළහොත් රටට අහිතකර දේ සිදුවිය හැකි යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා එබඳු පූර්ව අනුමැතියකින් තොරව ගිවිසුම් ගැසීම තමන් අනුමත නොකරන බවද ප්‍රකාශ කර තිබේ. 

ඒ අතර ඉතා ඉක්මණින් රජයේ ක්‍රියාකලාපයට බලපාන කාරණා කිහිපයක් ගැන දැඩි තීන්දු දෙක තුනක් ගැනීමට තමන් ක්‍රියාකරන වගද ඔහු සඳහන් කර ඇත. 

♦ දේශපාලන වාර්තාකරු

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01