2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

පක්ෂ මාරු කතා කරළිය කළඹයි

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

 

පියංකර ජයරත්ත රාජ්‍ය අමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ දේශපාලන පක්ෂ මාරු කතා නිසා කොළඹ දේශපාලන අංශ පමණක් නොව තානාපති කාර්යාංශද කැළඹීමට පත්ව සිටින බව වාර්තා වෙයි. රජයේ තනතුරු දරණ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැති අටදෙනෙකු පමණ එ.ජා.ප.යට එක්වන බවට ප්‍රබල ආරංචියක්. 

පැතිර යද්දී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් ශ්‍රී.ල.නි.ප.ය සමඟ සාකච්ඡා කරන බවට පක්ෂ දෙකේ ආරංචි මාර්ග කියයි. 

පක්ෂ මාරුවට නම ගෑවී ඇත්තේ ඌව පළාත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙක් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හා එම පළාතේම තරුණ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පොළොන්නරුව - කෑගල්ල - රත්නපුර පසුපෙළ මන්ත්‍රීන් කීපදෙනකු ඇතුළු මැති ඇමැති පිරිසකගේය. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුටද පක්ෂ මාරු ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත.

ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී.ල.නි.ප.යේ විවිධ පාර්ශවවලින් ශ්‍රී.ල.නි.ප. මෛත්‍රී කාණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි කියැවේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් මෛත්‍රී පාර්ශවයට දන්වා ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී ඒකාබද්ධව ඡන්දයට ඉදිරිපත්ව පාඩමක් ඉගෙනගත් බැවින් පක්ෂ නායකත්වය ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයකුට පවරන්නේ නම් පමණක් සමගි සන්ධාන කතා සඳහා සූදානම් කියාය. මේ අතර මාතලේ සහ දකුණේ නි. අමාත්‍යවරැන්  දෙදෙනකුද තනතුරු අත්හැරීමේ  සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත. 

ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ 2017 වසරේ මේ ආණ්ඩුව වෙනස් කරන බවය.

දේශපාලන වාර්තාකරු I